«

»

Jul 20

15.Forex Market එකේදී හමුවන Traders වර්ග

Forex Market එකේදී හමුවන Traders වර්ග

Forex market එක අපි හැමෝම දන්න විදිහට සතියේ දවස් 5හේ දවසේ 24 පැය පුරාම ක්‍රියාත්මක වන එකක්.මෙහිදී තමන් කැමති වෙලාවක් වෙන්කරගෙන ගනුදෙනු කිරීමේ හැකියාව ඇත.නමුත් කලින් ලිපියේ සදහන් කල පරිදි forex trading කිරීමට සුදුසු වේලාවක්ද තිබේ.Forex market දී හමුවන සමහර tradersලාට එම වේලාව ඉතා වැදගත් වන අතර තවත් පිරිසකට එය එතරම් වැදගත් නොවීමට පුලුවන.

මූලික වශයෙන් අපට forex market එක තුල tradersලා වර්ග 4ක් හමුවේ.

1.Scalpers
2.Day Traders
3.Swing Traders
4.Position Traders

1.Scalpers

මෙම tradersලාගේ විශේෂත්වය වන්නේ trading market එක තුල trade එකක් සදහා අවස්ථාවක් දුටු විගස ගනුදෙනුවක් විවෘත කර ගැනීමයි.තවද එය සුලු ලාබයක් වූ විගස close කර දමයි.මේ ආකරයට දිනකට ගනුදෙනු විශාල ප්‍රමානයක් සිදු කරන අතර එක ගනුදෙනුවකින් සුලු ලාභයක් පමනක් ලබා ගනියි.එක් trade එකක් විවෘත පවතින කාලය සමහර විට විනාඩි 2-3ක් අතර ලාබය pips 3-8කට සීමා කරයි.MT4 chart එකේ කාල පරාසයන් M1/M5 යොදා ගනිමින් ගනුදෙනු වලට යොමුවේ.ඔබත් මෙපමන කල් ගනුදෙනු කලේ M1/M5 chart යොදා ගනිමින් නම් ඔබත් නොදැනුවත්වම හෝ scalper කෙනෙකි.Scalper කෙනෙකුට ගනුදෙනු කිරිමට විශාල ප්‍රාග්ධනයක් අවශ්‍ය නොවන්නේ ඔවුන්ගේ take profit අගයන් stop loss අගයන් කුඩා pips ගනනකට සීමා වන නිසාවෙනි.Scalpingලාට Economic Calendar/News/Market open time ඉතා වැදගත් වේ.

2.Day Traders

මෙම පිරිසගේ විශේෂත්වය වන්නේ දිනකට ගනුදෙනු 1-2කට සීමා කිරීමයි.එක් ගනුදෙනුවකින් ලබා ගන්නා ලාබය pips 20-50 පමන වේ.MT4 එකේ chart M15/M30/H1 වැඩි වශයෙන් යොදා ගනී.Day tradersලාට Economic Calendar/News ඉතා වැදගත් වේ.Scalpersට සාපේක්ෂව අවශ්‍ය වන ප්‍රාග්ධනය ඉහල එකකි.

3.Swing Traders

මෙම පිරිසගේ විශේෂත්වය වන්නේ තමන් open කල trade එක close කිරීමට දින 2-3ක කාලයක් ගැනීමයි.එක් ගනුදෙනුවකින් ලබා ගන්නා ලාබය pips 80-250 පමන වේ.MT4 එකේ chart M30/H1/H4 වැඩි වශයෙන් යොදා ගනී.Swing tradersලාට Economic Calendar/News  එතරම් වැදගත් නොවේ.Day tradersට සාපේක්ෂව අවශ්‍ය වන ප්‍රාග්ධනය ඉහල එකකි.

4.Position Traders

මෙම පිරිසගේ විශේෂත්වය වන්නේ තමන් open කල trade එක close කිරීමට weeks කීපයක කාලයක් ගැනීමයි.එක් ගනුදෙනුවකින් ලබා ගන්නා ලාබය pips 600-1200 පමන වේ.MT4 එකේ chart H4/D1/W1 වැඩි වශයෙන් යොදා ගනී.Position tradersලාට Economic Calendar/News  එතරම් වැදගත් නොවේ.නමුත් රටක ආර්ථික තත්වය පිලිබදව දිගු කලීන විශ්ලේෂනයක යෙදෙයි.ඉතාමත් වැදගත් කාරණය වන්නේ මෙම පුද්ගලයන් සතුව විශේෂ ගුණාංගයක් සතු විය යුතු වීමයි.එය අන් කිසිවක් නොව forex trading කරන අපගේ තරුණ පරම්පරාව සතුව ඉතා අඩුවෙන්ම තියෙන ඉවසීමයි.අප දන්නා තරමට ලංකාවේ නම් position traders නම් නැති තරම්ය.එහෙම කවුරු හරි ඉන්නවා නම් අපද එම පුද්ගලයන් හදුනා ගැනීමට කැමැත්තෙමු.Swing tradersට සාපේක්ෂව අවශ්‍ය වන ප්‍රාග්ධනය ඉහල එකකි.

ඉහත සදහන් traders වර්ග අතරින් තමන්ට වඩාත් ගැලපෙන්නේ කුමක්ද කියා තීරණය කල යුත්තේ තමන්මය.සියලුම අත්හදා බැලීම් කල යුත්තේ තමන්ගේ Demo ගිනුම මගින්ම පමනකි.කිසි විටෙකත් තමන්ගේ මුදල් නිකරුනේ අත්හදා බැලීම් සදහා යොදා නොගන්න.සමහර professional tradersලා ඉහත සදහන් වර්ග කීපයක්ම යොදා ගනී.ඔබද තමන්ට ගැලපෙන trading strategy  එකක් සාදාගෙන සාර්ථක forex trader කෙනෙකු වන්න.