«

»

May 25

14.ගණුදෙණු යෙදීම සදහා සුදුසු කාලය

Forex Trading සදහා සුදුසුම කාලය.
මුලින්ම කියන්න ඕනේ forex trading සතියේ දවස් 5හේ පැය 24ම කරන්න පුලුවන් කියලා.මෙහිදී අපි සුදුසුම කාලය ගැන කියන්න හිතුවේ විශේෂ හේතුවක් නිසයි.අපි දන්නවා forex trading වලින් ලාබ ලබන්න නම් අපි trade කරන currency pairට අදාල market එක හොදින් ඉහල පහල යා යුතුයි.මේ විදිහට market එක වෙනස් උනොත් තමයි පහසුවෙන් ලාබ ලබන්න පුලුවන්.මෙසේ වෙනස් වීම පැය 24ම එක විදිහට වෙන්නෙ නැහැ.ගොඩාක් වෙලවාට සුලු වෙනස් වීම් තමයි ඇති වෙන්නෙ.එසේ නම් වෙනස් වීම්(volatility) වැඩිම වෙන්නේ කුමන අවස්ථාවලදීද?

එසේ වෙනස් වන එක අවස්ථාවක් තමයි forex news release කරන වෙලාව(Forex News ගැන පසුව විමසමු).තවත් අවස්ථාවක් තමයි එක් එක් currency වලට අදාල රටේ market open වෙන වෙලාව.පහත රූපය මගින් ඔබට දළ අදහසක් ලබා ගත හැක.

forex market open time

forex market open time2

ඉහත රූපයෙන් ඔබට පැහැදිලි වෙනවා forex market මුලින්ම open වෙන්නේ Pacific Region එකේ කියල.(GMT ඉරිදා රාත්‍රි 10ට එනම් ලංකාවේ වේලාවෙන් සදුදා උදේ 3.30)යි. Market එක අවසානෙට close වෙන්නේ American region එකේ කියලත් පැහැදිලියි (ලංකාවේ වේලාවෙන් සෙනසුරාදා උදේ 3.30)

එක් එක් රටේ market එක open වෙන වේලාව අනුව එම රටේ currency එකට අදාල currency pair එකේ volatility එක වැඩි වෙනවා.අපි trade කරන currency pair එක EUR/USD නිසා අපට අදාල වන්නේ Europe සහ America region දෙකේ market open වෙන වේලාව පමනයි.මෙම වේලාව ගැන අවධානයෙන් සිට ගනුදෙනු කිරීමෙන් ඔබට වඩා වාසිදායක ලෙස ගනුදෙනු කිරීමට හැකිවේ.