«

»

Nov 05

11.අවදානම කළමණාකරනය කර ගනිමු

Risk Management

අවදානම කලමණාකරනය කිරීම forex trading කරන හැමෝටම ඉතාම වැදගත් කාරණයක් ලෙස අපි දකිමු.මෙහි ඇති වැදගත්කම වන්නේ forex trading කිරීමේදී මෙය නොසලකා හරින සියලු දෙනාම තම ගිනුම් ශුන්‍ය කර ගනිමින් අලාබ ලැබීමයි.

අපි ගණුදෙනු කිරීමේ මූලික අභිලාෂය ලාබ ලබා ගැනීම වුවත් අපගේ ආයෝජිත මුදල ආරක්ෂා කර ගැනීමට අප දිය යුත්තේ දෙවැනි තැන නොවේ.එසේ නම් අපි බලමු ගණුදෙනු කිරීමේදි අපේ ආයෝජනය කල මුදල ආරක්ෂා කර ගන්නේ කෙසේද කියල.

ඒ සදහා ඔබ කල යුත්තේ ඔබ open කරන සෑම trade එකක් සදහාම stoploss සැකසීමයි. Stop loss සැකසීමෙන් ඔබ open කල trade එක අනුමාන කල දිශාවට නොව විරුද්ධ දිශාවට market එක ගමන් කිරීමේදී සිදුවන අලාභය අවම කර ඔබගේ ආයොජනය ආරක්ෂා කරයි.

Stop loss අගයේදී trade එක close වුනොත් සිදු වන්නේ අලාබයක් නොවේද?එය අලාබයකි.නමුත් market එක තව දුරටත් ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කලේ නම් ඔබගේ අලාබය දෙගුණ තෙගුණ වී ගිනුමේ සම්පූර්ණ මුදලම නැති වීමට ඉඩ තිබේ.එම නිසා stop loss සකසා අලාබය අවම කර ගැනීම ස්ථානෝචිතය.

Stop Loss සැකසිය යුතු අගය කුමක්ද?

මෙය තරමක් මතවාදයට තුඩු දෙන කරුණක් වුවත් එය එක් ගනුදෙනුවක් සදහා ආයෝජිත මුදලෙන් 2% නොඉක්මිය යුතුය.නිදසුනක් ලෙස ඔබගේ ආයෝජනය $ 100ක් නම් එක් ගණුදෙනුවක් සදහා අවදානමට ලක් කල යුතු මුදල වන්නේ $ 2කි.එනම් stop loss සැකසිය යුත්තේ ගනුදෙනුව අලාබයක් ගෙනදෙන විට එය $2 කට සීමා වී ගණුදෙනුව close වෙන ආකාරයටයි.

EUR/USD අගය 1.12500 දී ඔබ volume 0.01 න් buy trade එකක් open කලේ නම් stop loss සැකසිය යුත්තේ පිප්ස් කීයක් පහලින්ද?
ඔබගේ ආයෝජනය $ 100 නම් ඔබ එම් ගනුදෙනුව සදහා අවදානමට ලක් කරන මුදල $2 කි.ගනුදෙනුව සිදු කලේ volume 0.01න් නිසා පිප්ස් 1ක් සදහා ලැබෙන ලාබය හෝ අලාබය USD 0.1කි. එම නිසා USD 2ක් සදහා පිප්ස් ගනන 20කි(2/0.1).එම නිසා stop loss අගය වන්නේ (1.12500-0.00200) = 1.12300 වේ.

තවත් ප්‍රායෝගික අවස්ථාවක් සලකා බලමු.A සහ B නැමැති පුද්ගලයන් දෙදෙනා EUR/USD අගය 1.12500 දී volume 0.01න් buy trade එක බැගින් open කරයි.A පුද්ගලයා stop loss අගයක් සකසන අතර B පුද්ගලයාඅ stop loss සැකසීම අතපසු කරයි.Market එකේ යම් වෙනස් වීමක් නිස EUR/USD දැන් අගය 1.11500 දක්වා අඩු වී නම්:

A පුද්ගලයා ලබන අලාබය = USD 2
B පුද්ගලයා ලබන අලාබය =????
වෙනස් වූ පිප්ස් ගනන =1.12500-1.11500 = 100 pips(1000 පොයින්ට්ස්)
B ලබන අලාබය =100 x 0.1 = USD 10

අප කරන සෑම ගණුදෙනුවකින්ම ලාබ ලැබීම ප්‍රායෝගික නොවන බව මතක තබා ගන්න.Stop loss සැකසීමෙන් ලැබෙන අලාබය ගැන පසුතැවිලි නොවන්න. ඒ මන්දයත්, ඔබට ලාබ ලැබීමට තවත් අවස්ථා රාශියක් Forex Market එක තුල නිර්මාණය වන අතර එම ලාබ ලබා ගැනීමට හැකිවන්නේ ඔබගේ ආයෝජිත මුදල ආරක්ෂා කර ගතහොත් පමණි .