«

»

Jul 07

21.Candlestick Trading Part 2

Hammer And Hanging Man

Hammer සහ Hanging Man candle රූපයෙන් එක සමාන වුවත් අර්ථයෙන් සහ ඇතිවන අවස්ථාවෙන් නම් සම්පූර්ණයෙන් වෙනස්ය.කුඩා real body එකක් සහ long lower shadow එකක් ඇත. Upper shadow එකක් නොතිබීමට හෝ එය ඉතා කුඩාවට තිබීමට පුලුවන්.

Hammer candle එක බලන්න.එය down trend එකකදී ඇති වෙයි.එය ඇති වනවාත් සමගම මෙතෙක් පැවතුන down trend එක අවසාන වී up trend එකක් ඇති කරයි.මේ නිස මෙය Bullish Reversal Pattern එකක් ඇති කරනවා යැයි කියැවේ.මතක තබා ගන්න, Hammer candle එකක් දුටු විගසම Buy order එකක් දැමීමෙන් වලකින්න.එය තහවුරු කිරීමට පහත සදහන් අවශ්යතා සම්පූර්ණ කල යුතු වෙනවා.

1. Long lower shadow එක real body එක මෙන් 2-3 ගුණයක් විශාල විය යුතුයි.
2. Upper shadow එකක් නොතිබිය යුතුයි.තිබේ නම් එය ඉතා කුඩා විය යුතුයි.
3. Real body එක candle එකේ ඉහල කෙලවරින් පිහිටිය යුතුයි.

9

Hanging man candle එක බලන්න.එය up trend එකකදී ඇති වෙයි.එය ඇති වනවාත් සමගම මෙතෙක් පැවතුන up trend එක අවසාන වී down trend එකක් ඇති කරයි.මේ නිස මෙය Bearish Reversal Pattern එකක් ඇති කරනවා යැයි කියැවේ.මතක තබා ගන්න, Hanging man candle එකක් දුටු විගසම Sell order එකක් දැමීමෙන් වලකින්න.එය තහවුරු කිරීමට පහත සදහන් අවශ්යතා සම්පූර්ණ කල යුතු වෙනවා.

1. Long lower shadow එක real body එක මෙන් 2-3 ගුණයක් විශාල විය යුතුයි.
2. Upper shadow එකක් නොතිබිය යුතුයි.තිබේ නම් එය ඉතා කුඩා විය යුතුයි.
3. Real body එක candle එකේ ඉහල කෙලවරින් පිහිටිය යුතුයි.

Inverted Hammer And Shooting Star

Inverted Hammer සහ Shooting Star candle රූපයෙන් එක සමාන වුවත් අර්ථයෙන් සහ ඇතිවන අවස්ථාවෙන් නම් සම්පූර්ණයෙන් වෙනස්ය.කුඩා real body එකක් සහ long upper shadow එකක් ඇත. lower shadow එකක් නොතිබීමට හෝ එය ඉතා කුඩාවට තිබීමට පුලුවන්.

Inverted hammer candle එක බලන්න.එය down trend එකකදී ඇති වෙයි.එය ඇති වනවාත් සමගම මෙතෙක් පැවතුන down trend එක අවසාන වී up trend එකක් ඇති කරයි.මේ නිස මෙයටද Bullish Reversal Pattern එකක් ඇති කරනවා යැයි කියැවේ.Inverted hammer candle එකේ longer upper shadow එකෙන් කියැවෙන්නේ මොනවාද?(see highlighted candle).Bullish candle එක ඇතිවනවාත් සමගම market එකට අලුතින් එන buyers ලා විසින් price එක විශාල වශයෙන් වැඩි කිරීමට ගන්නා උත්සහයයි.නමුත් මෙතෙක් පැවතුනේ down trend එකක් නිසා market එකේ මෙතෙක් රැදී සිටි Sellers ලා විසින් price එක පහත දමන අතර එම පීඩනය market එකේ Buyer pressure අභිබවා යාමට ප්‍රමාණවත් නොවේ.එම නිසා Candle එක ආරම්භ වූ අගයට වඩා ඉහල අගයකදී candle එක අවසන් වේ.එසේ නම් අවසාන තීරණය කුමක්ද?market එකේ සිටි sellers ලා අවසන් වී ඇති බවය.අලුතින් පැමිනි buyers ලා තම අණසක පැතිරීමට සූදානම්ය.ඔබද සූදානම් වන්න.

10

Shooting Star candle එක බලන්න.එය up trend එකකදී ඇති වෙයි.එය ඇති වනවාත් සමගම මෙතෙක් පැවතුන up trend එක අවසාන වී down trend එකක් ඇති කරයි.මේ නිස මෙයටද Bearish Reversal Pattern එකක් ඇති කරනවා යැයි කියැවේ.Shooting star candle එකේ longer upper shadow එකෙන් කියැවෙන්නේ මොනවාද?(see highlighted candle).Candle එක ඇතිවනවාත් සමගම market එකට අලුතින් එන sellers ලා විසින් price එක විශාල වශයෙන්  අඩු කිරීමට ගන්නා උත්සහයයි.නමුත් මෙතෙක් පැවතුනේ up trend එකක් නිසා market එකේ මෙතෙක් රැදී සිටි Buyers ලා විසින් price එක ඉහල දමන අතර එම පීඩනය market එකේ Seller pressure අභිබවා යාමට ප්‍රමාණවත් නොවේ.එම නිසා Candle එක ආරම්භ වූ අගයට වඩා පහල අගයකදී candle එක අවසන් වේ.එසේ නම් අවසාන තීරණය කුමක්ද?market එකේ සිටි buyers ලා අවසන් වී ඇති බවය.අලුතින් පැමිනි sellers ලා තම අණසක පැතිරීමට සූදානම්ය.ඔබද සූදානම් වන්න.

 

 

Engulfing Candles

Bullish Engulfing Pattern එක බලන්න. ඒක Two candlestick pattern එකක්.මෙහි පලමු candle එක bear candle එකක් වන අතර දෙවන Bull candle එකකි.මෙම pattern එක හදුනා ගත හැකි වන්නේ, පලමු Bear candle එක අවසන් වනවාත් සමගම Bull candle එක ඇති වීමත් එලෙස ඇතිවන Bull candle එක Bear candle එක සම්පූර්නයෙන් වසා ගත හැකි තරමට විශාල වීමත්ය.මෙලෙස පලමු candle එක දෙවන candle මගින් Engulf වීම , Up trend එකක පෙර දැනුම් දීමකි

11

Bearish Engulfing Pattern එක බලන්න. ඒක Two candlestick pattern එකක්.මෙහි පලමු candle එක bull candle එකක් වන අතර දෙවන Bear candle එකකි.මෙම pattern එක හදුනා ගත හැකි වන්නේ, පලමු Bull candle එක අවසන් වනවාත් සමගම Bear candle එක ඇති වීමත් එලෙස ඇතිවන Bear candle එක Bull candle එක සම්පූර්නයෙන් වසා ගත හැකි තරමට විශාල වීමත්ය.මෙලෙස පලමු candle එක දෙවන candle මගින් Engulf වීම , down trend එකක පෙර දැනුම් දීමකි

 

Tweezer Bottoms and Tops

Tweezer bottom  සහ Tweezer up pattern එකත් two candlestick pattern එකකි.මෙයත් Trend reversal හදුනා ගැනීමට උපකාරි වන pattern එකකි.දිගු වේලාවක් පවතින trend එකක් වෙනස් වීමට උත්සහ කරන අවස්ථාවලදි මෙම pattern දකින්න පුලුවන්.මෙවැනි candle pattern එකක් දුටු වහාම පහත සදහන් අවශ්‍යතා සපුරනවා දැයි බලන්න.

1.පලමු candle එක මෙතෙක් පැවති trend එකට සමාන candle එකක් විය යුතුය.මෙතෙක් පැවතුනේ down trend එකක් නම් පලමු candle එක bear candle එකකි.
2.දෙවන candle එක පලමු candle එකට ප්‍රතිවිරුද්ධ විය යුතුය.
3.Candle දෙකේ shadows(wicks) දෙක දිගින් සමාන විය යුතුය.

12

End of Candlestick Trading Part 2

Extracted from www.babypips.com