«

»

Jan 14

24.PAMM Account එකක් හදමු

PAMM ACCOUNT කියන්නේ කුමක්ද?

Percentage Allocation Money Management Account යන ඉංග්‍රිසි තේරුමේ අදහස වන්නේ තවත් කෙනෙකු සමග හවුලේ ගිනුමක් පවත්වා ගෙන යාම තුලින් ලැබෙන ලාබය කරන ලද ආයෝජනයේ ප්‍රතිශතයක් ලෙස බෙදී යාමයි

මෙහිදී ඇති වාසියක් වන්නේ Forex Expert කෙනෙකු සමග හවුලේ ගිනුමක් පවත්වා ගෙන යාමට හැකි වීමයි.මෙහිදී ගිනුමේ ගනුදෙනු කරන පුද්ගලයා Manager ලෙසද ආයෝජනය කරන්නා Investor ලෙසද හදුන්වයි

මෙහිදී Investor කෙනෙකු ලෙස සම්බන්ද වන ඔබට trade කිරීමට අවශ්‍ය නොවන අතර ලැබෙන ලාබයෙන් සුලු කොටසක් පමනක් Manager ට ගෙවීමට සිදුවේ.බොහෝ කාර්‍ය බහුල ඔබට forex trade කිරීමට කාලයක් නොමැති නම් PAMM Account එකක් සාදා සාර්ථක Manager කෙනෙකු සමග සම්බන්ධ වීමෙන් හොදින් ලාබ ලැබීමට හැකිය.

මෙහිදී ඔබගේ Manager තෝරා ගැනීමට පෙර ඔහුගේ පසුගිය ගනුදෙනු වල සාරාංශයක් ඔබට දැක බලා ගැනීමට හැකිවීමද වාසියකි.තවද ඔහු සමග සම්බන්ධ වී ගනුදෙනු කරමින් යන අතරතුර යම් හෙයකින් ඔහුගේ trading strategy එක ගැන යම් අප්‍රසාදයක් ඇති වුවහොත් ඔබ කැමති පරිදි ඔහුගෙන් ඉවත්ව යාමට හැකිය

ගිවිස ගත් කාලය අවසන් වූ පසු ගිනුමේ ආයෝජිත මුදලෙන් ප්‍රතිශතයකට අනුව ලාබය ඔබට ලැබේ.

තවද ගිණුමේ ආයෝජිත මුදලෙන් කොටසක් Manager විසින් තැන්පත් කිරීම අනිවාර්‍ය නිසා ඔහු ගනුදෙනු කිරීමේදී ඉතා කලපනාකාරී වේ.එහෙයින් ඔබගේ ආයෝජිත මුදලත් සුරක්ශිත වේ.

ඔබට අවශ්‍ය නම් වරකට එක Manager කෙනෙකු පමනක් නොව කිහිප දෙනෙක් තෝරාගෙන එකවර ගනුදෙනු කල හැකිය

PAMM Account එකක් සාදා ගන්නේ කෙසේද?

ඔබ Hotforex Broker සමග කලින් කුමන හෝ ගිනුමක් සාදාගෙන නොමැති නම් පහල බැනරය ක්ලික් කරන්න.
(ඔබ මීට පෙර Hotforex සමග ගනුදෙනු කර ඇත්නම් තම myhotforex වෙත login වී PAMM Investor ගිනුමක් සාදා ගන්න )P

PAMM 250

පහල රූපයේ පරිදි “Investments” click කර”Become An Investor” click කරන්න.

පහල රූපයේ පරිදි “I WANT TO INVEST” click කර අදාල තොරතුරු පුරවා ගිණුම සාදා ගන්න

Account එක create කල පසු log වෙන්න.පහත රූපයේ පරිදි “Choose New Fund Manager” click කරන්න

Fund Manager කෙනෙකු තෝරා ගැනීමේදී පහත රූපයේ පෙන්වා ඇති ආකාරයට අංක 1, 2 සහ 3 යන කාරණා හොදින් පරික්ශා කර බලන්න. තවදුරටත් විස්තර සොයා බැලීමට අදාල fund manager නම උඩ click කරන්න.

පහත රූපයේ පෙන්වා ඇති ආකාරයට අංක 4 සහ 5 හොදින් බලා General info හි floating trades අගය නිරීක්ශනය කර සැහීමකට පත්වේ නම් පමනක් invest under xxx click කරන්න.

NOTE– Minimum deposit value is USD 250 for PAMM Accounts