«

Aug 05

1.FOREX TRADE කරන්නේ කොහොමද?

FOREX TRADE කරන්නේ කොහොමද?

ඔබ දන්නවා ඇති යම් කිසි ව්‍යාපාරයක් කර ලාභ ලැබීමට නම් අනිවාර්යෙන්ම භාන්ඩ හෝ සේවා විකිනිමක් සිදු කල යුතු වේ.එසේ භාන්ඩ හෝ සේවා විකිනිමෙන් ලාභ ලබයි.එතකොට forex trading වල දී විකුනන්නේ මොනවාද?ලාභ ලබන්නේ කොහොමද?

එසේ නම් forex trading වලදී ද යම් කිසි දෙයක් විකිනිමට සිදු වේ. එහි දී අප විකුනන්නේ භාන්ඩ හෝ සේවා නොව මුදල් වර්ගය.

ගනුදෙනු සිදු වන්නේ කෙසේද?

අන්තර්ජාතික මූල්‍ය වෙලද පොලේදී ලොකයේ දියුනු රටවල මුදල් වර්ග විකිනිම සහ මිලදී ගැනීම සිදු වේ.මෙම මුදල් වර්ග වල මිල නිරන්තරයෙන් වෙනස් වේ.එසේ වීමට හේතුව වන්නේ එම රටවල ආර්ථිකමය,දේශපාලනමය,සමාජීය සහ දේශගුනික තත්වයන් ඇතුලු කරුනු රාශියක් නිසාය.

අන්තර්ජාතික මුලය වෙලද පොලේදී ප්‍රධාන වශයෙන් භාවිතා වන මුදල් වර්ග.

*ඇමරිකානු ඩොලරය-USD
*බ්‍රිතානය පවුම- GBP
*ස්විස්ටර්ලන්තයේ ෆ්‍රෑන්ක්- CHF
*කැනේඩියානු ඩොලර්- CAD

මේ අකාරයෙන් මුදල් වර්ග විශාල ප්‍රමානයක් දක්නට ලැබේ.එහි විශේෂත්වය වන්නේ මුදල් වර්ග යුගල ලෙස පැවතීමයි.

eg: EUR/USD
GBP/USD
USD/CAD
සෑම මුදල් යුගලයකටම යම් කිසි අගයක් පවතී.[EUR/USD=1.1000(මෙහි තේරුම වන්නේ යුරො 1ක් සදහා USD 1.1000 ලබා දිය යුතු බවයි.]මෙම 1.1000 අගය දවසේ පැය 24 පුරා නිරන්තරයෙන් වෙනස් වේ.

ලාභ ලභන්නේ කෙසේද?

මූල්‍ය වෙලද පොලේ ලාභ ලබීම සදහා සිදු කරනු ලබන ගනුදෙනු වර්ග 2කි.

1.Buy order(Buy trade)
2.Sell order (Sell trade)
යම් කිසි හේතුවක් නිසා යුරෝ මුදල් වර්ගයේ අගය ඉහල යයි නම් EUR/USDමෙම අගයද ඉහල යයි.එහිදී අප සිදු කල යුත්තේ buy trade එකකි.
උදාහරනයක් ලෙස අද දින උදේ 10ට EUR/USD අගය 1.1000ද buy trade එකක් දැමූ පසු අගය 1.1050 වී ඇතැයි සිතමු.එවිට ඔබට සිදු වූයේ ලාභයකි.එම ලාභයේ ප්‍රමානය අපි පසුව ගනනය කරමු.

EUR/USD අගය පහල යයි අනුමාන කරයි නම් අපි සිදු කල යුත්තේ sell trade එකකි.උදේ 10 දී අගය 1.1000 වන විට අපි sell trade එකක් දමා උදේ 11 වන විට 1.0990 වූයේ නම් එහිදී ද අපට සිදුවනුයේ ලාභයකි.

දැන් ඔබට මෙහි විශේෂත්වය පැහැදිලි වනු ඇත.අගය ඉහල ගියද පහල ගියද ඔබ ලාභ ලබා ඇත.එසේ නම් සිදු කල යුත්තේ නිවැරදි අනුමාන කිරීම පමනි.

මෙසේ අපේ අනුමානයන් 100% නිවැරදි වීම කිසිසේත් ප්‍රායෝගික නැත.නමුත් අපගේ අනුමානයන් 50%-60% දක්වා ඉහල දමා ගැනිමට හැකි නම් අපට ලාභ ලැබීමට හැකිය.ඇයි මම අනුමාන කියන වචනය යොදා ගත්තේ?අපිට හරියටම මිල ඉහල පහල යාම ස්ථීරවම කියන්න බැරිද?මෙයට පිලිතුර සහ නිවැරදි තීරණ ගැනීම පිලිබදව අපි ඉදිරියේදී සාකච්ඡා කරමු.

forex12