«

»

Jan 30

18.Neteller ගැන තව දුරටත්

Neteller ගැන තව දුරටත්
Neteller ගැන තව දුරටත් ලියන්න සිතුවේ ඒ ගැන උනන්දුව වැඩිවී අහල එවන ප්‍රශ්න නිරන්තරයෙන් ඉහල යන නිසාය.

ඇත්තටම Neteller කියන්නේ මොකක්ද?

Neteller කියන්නේ Paypal,Payza,Skrill වගේ payment processor එකක්.Neteller එකට පුලුවන් ඔබ අන්තර්ජාලයේ credit card මගින් සිදු කරන ගනුදෙනුවකදී අතර මැදියෙකු ලෙස හෝ තනිවම අදාල ගනුදෙනුව සම්පූර්ණ කිරීමට ඔබට සහය වන්න.

Neteller නිසා ලැබෙන වාසි

1.අන්තර්ජාල ගනුදෙනුවකදී තමන්ගේ credit card තොරතුරු කෙලින්ම නොදන්නා තුන්වන පාර්ශවයකට ලබා දීම අතිශය අනතුරුදායකය.මෙහිදි Neteller ඔබගේ credit card තොරතුරු සුරක්ශිතව තබාගෙන අදාල ගනුදෙනුව සම්පූර්න කරයි.

2.ඔබ අන්තර්ජාලයේ නොයෙකුත් රැකියා කර උපයන මුදල් සැණෙකින් ඔබේ Neteller ගිනුමට ලබා ගැනීමට හැකිවීම

3.ඔබ ව්‍යාපාරිකයෙක් නම් විදේශයක සිටින ගනුදෙනුකරුවෙකුගෙන් ඔබට ලැබිය යුතු මුදල් විනාඩියකටත් වඩා අඩු කාලයකින් ඔබේ ගිනුමට ලබා ගත හැකිය.එමෙන්ම භාන්ඩ මිලදී ගැනීමකදී ඔබ විසින් විදේශයකට යැවිය යුතු මුදල් එක්මනින් සහ පහසුවෙන් යැවීමට හැක.මෙය බැංකුවක් හරහා කිරීමේදී මෙන් කාලය අපතේ නොයයි.(balance of LC/TT can be paid via Neteller. So extra money payments to third party saved)

4.අන්තර්ජාලයේ ඇති නොයෙකුත් ආයෝජන(Forex, Rev Share, Bitcoin etc) සදහා මුදල් තැන්පත් කිරීම, ලබා ගැනීම.

5. Neteller ගනුදෙනුකරුවන්ට නොමිලේ හිමිවන NET+ Card පත භාවිතා කරමින් ලංකාවේ පමනක් නොව ලොව ඕනෑම ATM එකකින්(Mastercard ලාංචනය සහිත ) මුදල් ලබා ගැනීමේ හැකියාව.(This option is no more valid for Sri Lankan)

6. Neteller ගනුදෙනුකරුවන්ට නොමිලේ හිමිවන Virtual Card පත භාවිතා කරමින් අන්තර්ජාලයේ භාන්ඩ/සේවා සදහා සියලු ගෙවීම් කල හැකිවීම.ඔබේ Neteller ගිනුමෙන් කැමති මුදලක් මෙයට බැර කර ගනුදෙනු කිරීමෙන් ආරක්ෂිත බව වැඩිවේ.(This option is unavailable)

7.NET+ card භාවිතා කර සුපිරි වෙළෙද සැල් වලදී භාන්ඩ සදහා ගෙවීම් කල හැකිය.(POS Transactions)(This option is unavailable)

8.දේශිය හෝ විදේශිය මිතුරෙකුට Neteller Virtual Gift Card පතක්(Instantly) යැවීමේ හැකියාව.ඔබ යවන මුදල් ප්‍රමානය අනුව ඔහුට/ඇයට අන්තර්ජාලයේ භාන්ඩ/සේවා සදහා සියලු ගෙවීම් කල හැකිය.

9. Neteller ගිනුම් අතර මුදල් හුවමාරුව මගින් ඔබට අවශ්‍ය වේලාවකදී Neteller ගිනුමක් හිමි අයෙකුගෙන් ඉක්මනින් මුදලක් ලබා ගැනීමේ හැකියාව

10.Neteller ගිනුම් අයත් වන්නේ එක්සත් රාජධානියේ Barclays Bank අනුබද්ධිත Optimal Payments PLC නිසා ගිනුමේ ආරක්ෂාව ගැන ගැටලුවක් මතු නොවීම.

11.සමහරුන්ගේ කලු සල්ලි සුදු කිරීමටත් හොද අවස්ථාවක් වීම.( මේ ගැන වැඩි විස්තර සදහන් නොකරමු )

Frequently Ask Questions

1.ගිනුමක් විවුර්ත කර ගැනීමට ගාස්තුවක් ගෙවිය යුතුද?
නැත.

2.ගිනුම හරහා ගෙවීමක් කිරීමේදී අතිරේක මුදලක් අයවේද?
නැත.

3.ගිනුමට මුදල් තැන්පත් කරන්නේ කෙසේද?
ඔබගේ Credit/Debit card පත මගින් හෝ ගිනුමක් හිමි අයෙකුගෙන් මුදල් ලබා ගැනීමෙන්.

4.ගිනුම තහවුරු කර ගැනීමට අවශ්ය ලියකියවිලි?
Scanned copy of passport or driving license
Scanned copy of recent bill (water, electricity, credit card etc)

5.Neteller ගිනුම් අතර මුදල් හුවමාරුවේදී ගාස්තු?
හුවමාරු වෙන මුදලින් 1% .උපරිමය USD 10

6.Neteller Net+ එකෙන් ATM withdraw කරන විටදී ගාස්තු?
USD 6 පමන

7.Net+ card පත සදහා ගාස්තු?
නැත. Card පත ලබා ගැනීමට Postal Charges ගෙවිය යුතුය.

8.Net+ Card මගින් දිනකට ATM එකකින් ලබා ගත හැකි උපරිම මුදල
USD 1000 (Rs 140,000 ) සමාන මුදලක්.

ගිනුමක් විවුර්ත කර ගැනීමට මෙතැන NETELLER click කරන්න