«

»

Mar 30

13.ගණුදෙණු සදහා Economic Calendar යොදා ගනිමු

Forex Trading කිරීමේදී Economic Calender භාවිතය කිරීමෙන් ඔබගේ ගනුදෙනු සදහා වැඩි වාසි හිමි කර ගැනීමට අවස්ථාව හිමිවේ.ඔබ trade කරන currency එකට අදාල News එකක් නිකුත් වීමේදී එම currency අදාලව market එක විශාල වශයෙන් වෙනස් වීමට ඉඩ ඇති නිසා කල්පනාකාරිව ගනුදෙනු කල යුතුය.ඔබ trade වලට නවකයෙකු නම් මුල් කාලයේදී News time එක මග හැර සිටීමද සුදුසුය.අද කාලයේ අපට forex market තුල වැඩිපුර හමුවන්නේ forex news එකට trade කරන පිරිසය.මෙහිදී ඔබගේ පලපුරුද්ද ඉතා වැදගත් වන අතර යොදන සෑම ගනුදෙනුවක් සදහාම take profit සහ stop loss සැකසීම කල යුතු වන්නේ විශාල වශයෙන් market value වෙනස් වීමට ඇති හැකියාව නිසාය.

මුලින්ම ( tradimo වෙත පිවිසෙන්න.)

පියවර 1
පහත පරිදි calender time එක ලංකාවේ වේලාවට set කරන්න.(GMT + 5.30)

eco 1

පියවර 2

අදාල දිනයට නියමිත News පරීක්ෂා කරන්න.එහිදී තමන් trade කරන currency එකට අදාල News පමනක් අධ්‍යයනය කිරීම ප්‍රමාණවත්ය.

eco 2

පියවර 3

පහත රූපය බලා යොදා ඇති අංක වලට අවධානය යොමු කරන්න.

eco 3

1- News එක release වීමට නියමිත time එක පෙන්වයි.

2- News එක හේතුවෙන් වෙනස් වීමට නියමිත currency එක සහ අදාල රටේ flag එක දිස්වේ.

3- News එක හේතුවෙන් අදාල currency එක වෙනස් වීමට හැකි ප්‍රබලතාවය පෙන්නුම් කෙරෙයි.Bull සලකුනු වැඩි නම් ප්‍රබලතාව වැඩිවේ.

4- Release වීමට නියමිත news එකේ නම සදහන් වේ.

5- News එක නිකුත් වහාම මෙහි අගයක් පෙන්නුම් කරයි.එම අගය රතු පැහැයෙන් පෙන්වයි නම් බලාපොරොත්තු වූ ආකාරයට වඩා අඩු ප්‍රගතියක් ද කොල පැහැයෙන් පෙන්වයි නම් ඉහල ප්‍රගතියක්ද ඇති වේ.

6- News එක release වීමට පෙර සිදු විය හැකි යැයි අනුමානයක් දැක්වේ.මෙසේ අනුමාන කරන්නේ මෙම ක්ෂෙත්‍රයේ සිටින Analysists විසිනි.කිසිවිටකත් මෙම අනුමානයන් බලා news release වීමට පෙර ගනුදෙනු යෙදීමෙන් වලකින්න.ගනුදෙනු යෙදීමට අංක 5න් දැක්වෙන Actual result එනතුරු සිටින්න.Forecast එකේ අගයට වඩා Actual අගය වැඩි නම් අදාල Currency අගය ඉහල යාමට හේතුවේ.

7- මෙම news එක කලින් අවස්ථාවේ නිකුත් වීමේදී ලැබුනු ප්‍රතිපලය දැක්වේ.මෙම අගය සහ Actual අගය සලක බැලීමෙන් එම රටේ ආර්ථික තත්වය ගැන සරල අවබෝධයක් ලබා ගත හැකිය.

පියවර 4

එම News එක පිලිබදව වැඩිදුර විස්තර දැන ගැනීම සදහා එය මත ක්ලික් කරන්න.ලැබෙන පහත රූපය පරික්ෂා කරන්න.එවිට ලැබෙන overview,chart,history මත click කර සදහන් කර ඇති තොරතුරු කියවා අවබෝධ කර ගන්න.

eco 4