«

»

Jan 02

12.Real Trading සදහා යොමු වෙමු

Real Trading සදහා යාමට පෙර

1.ඔබේ Demo Account එක කර හොදින් පුහුනු වී තිබිය යුතුයි.

2.Buy/Sell order දැමීම, take profit/ stop loss සැකසීම හොදින් අවබෝධ කරගෙන සිටිය යුතුයි.

3.ආයෝජනය USD 250ට අඩු නම් ආරම්භයේදී ගනදෙනු කල යුතු Volume එක 0.01 කි.

4.යෝජිත currency pair එක EUR/USD වේ.Currency pair කීපයකින් ගනුදෙනු නොකල යුතුයි.

5.Leverage,Volume,Margin ගැන ලිපි අංක 10 කියවා හොදින් තේරුම් ගත යුතුයි.

6.අධික තන්හාවෙන් මිදෙන්න.තමාටම අවේණික වූ Trading Pattern එකක් සාදා ගන්න.

7.Open කරන සෑම trade එකක් සදහාම stop loss සකසා තම ආයෝජනය ආරක්ෂා කර ගන්න.

8.ගනුදෙනු කිරීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන තුරු ඉවසිලිවන්ත වන්න.

9.ගනුදෙනු කිරීමට සුදුසු නිරවුල් මානසික තත්වයන් යටතේ පමනක් ගනුදෙනුවල යෙදෙන්න.

10.කිසිවිටෙකත් ණයට ගත් මුදලක්,හදිසි අවශ්‍යතාවයක් සදහා වෙන් කරන ලද මුදලක් ආයෝජනය සදහා යොදා නොගන්න.

ඉහත කරුණු ගැන ඔබ සැලකිලිමත් නම් ඔබ real trading සදහා යාමට සූදානම්ය.

Real trading කිරීමට අවශ්‍ය මුදල් ගිනුමට තැන්පත් කල පසු ඔබ Demo ගිනුමෙන් ඉවත් වී Real account එකට log විය යුතුයි.ඒ සදහා FILE ක්ලික් කර LOG INTO TRADE ACCOUNT තෝරන්න.අනතුරුව LIVE SERVER select කරන්න.

මෙතැනදී අවශ්‍ය වන්නේ නව ගිනුමේ තොරතුරුය.නව ගිනුමක් සෑදිමට myhotforex වෙත පිවිස open account click කරන්න.අවශ්‍ය ගිනුම් වර්ගය සහ බෝනස් වර්ගය තෝරන්න.නව ගිනුමේ විස්තර email එකට ලැබේ.එම තොරතුර මෙතැන ඇතුලත් කරන්න..එම නිවැරදි තොරතුරු ඇතුලත් කරන්න.ගිනුමට ඇතුලු වූ පසු ඔබ තැන්පත් කල මුදල් ප්‍රමානය TRADE tab එක ක්ලික් කර බලන්න.

දැන් ඔබ ගනුදෙනු කිරීමට සුදුසු පරිදි tarding window එක සකසා ගන්න.මේ සදහා EUR/USD trading window එක උඩ right ක්ලික් කර properties තෝරන්න.අනතුරුව රූපයේ පරිදි වර්ණ වෙනස් කර ගන්න.

26

Market එකේ ගමන් කරන දිශාව පැහැදිලිව දැක ගැනීම සදහා රූපයේ පරිදි Indicator tab එක ක්ලික් කරන්න.පසුව trend තෝරා Moving Average select කර OK කරන්න.

27

මෙය අපගේ ආරම්භය පමනයි.ඉදිරියේදී ඔබව සාර්ථක forex trader කෙනෙක් කරවීමට අවශ්‍ය ලිපි ගණනාවක් අපි ගෙනෙමු. Real trading සදහා උපකාරිවන Economic calender, Candle stick pattern ආශ්‍රයෙන් ගනුදෙනු කරන ආකාරය පසුව විමසා බලමු.