«

»

Sep 07

10.Forex terms ලොට්/Volume/margin/Leverage etc

Leverage
Leverage කියන්නේ මොකක්ද කියලා බලන්න කලින් අපි බලමු lot සහ standard units අතර සම්බන්ධතාවය.
1 ලොට්= 100,000 standard units
EUR/USD අගය 1.13500 යැයි සිතමු.එවිට EUR/USD ලොට් 1ක් ගැනීමට වැයවන මුදල = 1.13500 x 100000= USD 113500 .මෙය සැබවින්ම විශාල මුදලකි.එම නිසා බ්‍රෝකර් විසින් leverage හදුන්වා දෙන්නේ මෙම අගය අඩු කිරීමටයි.එවිට ගනුදෙනු කරුවන්ට පහසුවෙන් අඩුමිලට මිලදී ගැනීම කල හැකිය.

Micro accounts සදහා ලබාදෙන උපරිම leverage එක 1:1000කි.එවිට ලොට් 1ක් ගැනීමට වැය වන්නේ USD 113500/1000 = USD 113.5 කි.මෙය සැබවින්ම පෙර මුදලට සාපේක්ෂව සාධාරණ පහසු මිලකි.මෙය තව දුරටත් අඩු කර ගන්නේ කෙසේ දැයි බලමු.

කලින් ලිපි අංක 6 buy trade කිරීමේදි Volume එක 1.0 ට set කලා ඔබට මතක ඇති.Volume එක 1.0 අවස්ථාවේදි EUR/USD ලොට් 1ක් ගැනීමට වැයවන මුදල USD 113.5කි.නමුත් ඔබගේ පහසුව තකා මෙය volume 0.01 දක්වා අඩු කිරීමට පහසුකම් සලසා ඇත.එවිට ඔබ volume 0.01 එකෙන් trade කලවිට වැයවන්නේ USD 113.5 x 0.01 = USD 1.13  වේ.

කොපමණ ලාබයක් ලැබේද?

EUR/USD අගය 1.13500 යැයි සිතමු.ඔබ buy order එකක් volume 1.0 න් දැමූ පසු අගය 1.13510 තෙක් වෙනස් වූයේ නම්-
වෙනස = 510-500= 10 points( 1 pip)
මෙම 1 pip  සදහා USD 10 ලාබයක් ලැබේ.

volume 1 නම්  1 pip සදහා USD 10
volume 0.1 නම්  1 pip සදහා USD 1
volume 0.01 නම්  1 pip සදහා USD 0.1

Balance
Balance යනු ඔබ කිසිදු trade එකක් දැමීමට පෙර තිබූ ඔබගේ ආයෝජනයේ වටිනාකමයි.ඔබ trade එකක් දමා එය close කරන තුරු මෙය වෙනස් නොවේ.ඔබ දැමූ order එක close කල පසු USD 50 ක ලාබයක් ලැබුවේ නම් එය balance එකට එකතු වන අතර ලැබුවේ අලාබයක් නම් එය balance එකෙන් අඩු වනු ඇත.

Margin
Margin කියන්නේ ඔබ trade එකක් ගැනීමට වැයකල මුදලයි.ගිනුමේ leverage එක 1:1000 නම් volume 1න් EUR/USD 1.13500 විට buy trade එකක් දැමුවේ නම් –

Margin= (1.13500 x 1 volume) / 1000
= USD 113.5

Equity

Equity= Balance + Open trades profit – Open trades loss

Free Margin
Free Margin යනු තවදුරටත් ඔබට trades මිලදී ගැනීමට ඉතිරි වී ඇති මුදල් ප්‍රමානයයි.

Free Margin = Equity-  Margin

Margin Level

Margin Level = (Equity/Margin) x 100%

මෙය හැකි තරම් ඉහල අගයක තබා ගැනීම ඔබේ ගිනුමේ ආරක්ෂාවට හේතු වේ.

Margin Call Level

මෙහි අගය දල වශයෙන් 100% කි.එයින් අදහස් වන්නේ Margin Level 100% ලගා වු විට ඔබට තව දුරටත් නව මිලදී ගැනීම් සිදුකල නොහැකි බවයි.

Stop Out Level

Margin Level 40%ට ලගා වු විට ඔබගේ සියලුම open trades බ්‍රෝකර් විසින් ඔබගේ කැමත්ත නොතකා close කර දැමීම ආරම්භ කරයි. එය තව දුරටත් පහල ගියොත් ඔබගේ ගිනුමේ සියලුම මුදල් ඉවත් වේ.