«

»

Mar 27

19.Candlestick Trading Part 1

Japanese Candlestick Trading Forex Trading කිරීම සදහා වැඩි වශයෙන් යොදා ගන්නා Strategy(Price Action Strategy) එකකි.මෙය ඕනැම Currency Pair එකක් සදහා සහ ඕනැම Time Frame(1min/5 min Etc) සදහා යොදා ගත හැකිය.

සෑම Candle එකක් සදහාම Open,Close,High,Low අගයක් ඇත.එය පහත රූපයේ පරිදි විස්තර කල හැකිය.

1

Open- මෙය Candle එක පටන් ගැනීමෙදී ඇති අගයයි.
Close- මෙය Candle එක අවසානයේ ඇතිවන අගයයි.
High- මෙය Candle එක අවසාන වීමට පෙර ගිය උපරිම අගයයි
Low- මෙය Candle එක අවසාන වීමට පෙර ගිය අවම අගයයි

Candle එකේ විශාල කොටස Real Body නමින්ද සිහින් කොටස Shadow හෝ Wick නමින් ද හදුන්වයි. Market එක ඉහල යන අවස්ථාවේ දී ඇතිවන Candle වර්ගය Bull Candle ලෙසද පහල යන අවස්ථාවේ ඇතිවන Candle වර්ගය Bear candle ලෙසද හැදින්වේ.

තවද Candle එකේ Open price එක Close Price එකට වඩා අඩු නම් එය Bull Candle එකක්ද Open price එක close Price එකට වඩා වැඩි නම් Bear Candle ලෙස හදුනා ගත හැකිය.

Real Body එකේ විශාලත්වය මගින් අදහස් කරන්නේ මොනවාද?පහත රූපය බලන්න.
2
Market එක ඉහල යන අවස්තාවේ ඇති වන candle විශේෂය Bull candle කියලා කලින් සදහන් කලා මතක ඇති.එසේ ඇතිවන Bull Candle එකක Real Body එක විශාල වීමෙන් අදහස් කරන්නේ Market එක තුල විශාල වශයෙන් Buyers ලා වැඩිවීමයි.එනම් Buying Pressure එක වැඩිවීමයි.ඒ වන විට Market එකේ තිබුනේ Up Trend එකක් නම් තව දුරටත් එම Trend එක ක්‍රියාත්මක වීමට ඉඩ ඇත.එසේම Bear Candle එකක Real body එක විශාල වීමෙන් අදහස් කරන්නේ Market එක තුල විශාල වශයෙන් Sellers ලා වැඩිවීමයි.එනම් Selling Pressure එක වැඩිවීමයි.ඒ වන විට Market එකේ තිබුනේ Down Trend එකක් නම් තව දුරටත් එම Trend එක ක්‍රියාත්මක වීමට ඉඩ ඇත.
Real Body එකේ විශාලත්වය අඩු වීමෙන් කිය වෙන්නේ Candle(bull or bear) වර්ගයට
අදාල buying හෝ selling pressure එක අඩුවීමකි.පැවතමින් තිබු Trend එක වෙනස් වීමට ඉඩ ඇත.

Shadows මගින් කියවෙන්නේ මොනවා දැයි බලමු.පහත රූපයේ පලමු Bull Candle එකේ ඇති Long upper shadow සහ Short lower shadow බලන්න.

3

පලමු candle Bullish නම් Long upper shadow එකෙන් කියවෙන්නේ මෙතෙක් පවත්වා ගෙන ආ Buying power එක දිගටම පවත්වා ගැනීමට Buyers ලා දරන උත්සාහයයි.ඉන් අනතුරුව Market එකට Sellers ලා පැමිනීමෙන් කරන බාධාව Short lower shadow එක මගින් නිරූපනය කරයි.එසේම පහත රූපයේ දෙවන Bear Candle එකේ ඇති Long lower shadow සහ short upper shadow බලන්න.මෙහිදී සිදුවන්නේ Selling pressure එක පවත්වා ගැනීමට Sellers දරන උත්සහයට market එකට අලුතින් පැමිනෙන Buyers ලා විසින් කරන බලපැමයි

Spinning Top

කුඩා real body එකක් සමගින් long upper shadow සහ long lower shadow එකක් ඇති candle එකක් spinning top නමින් හදුන්වනවා.මෙය Bull candle එකක් හෝ Bear candle විය හැකිය.Candle එක හොදින් පරික්ෂා කරන්න
4

Open price සහ Close price අතර විශාල වෙනසක් නැත.Candle එක ආරම්බ වූ අගයට වඩා අවසන් වූ අගයේ විශාල වෙනසක් නැති වුවත් අවසන් වීමට පෙර අගය විශාල වශයෙන් වැඩී වී ඇති බව long upper shadow එක මගින් ද විශාල වශයෙන් අඩුවී ඇති බව long lower shadow මගින්ද පෙන්වනවා.එසේ නම් සිදු වුයේ කුමක්ද?මෙය Bull candle එකක් නම් Buyers විසින් යොදවපු බලයට සමාන බලයක් Sellers විසින් යොදා ඇත. අවසානයේ කිසිවෙකුත් ජයගෙන නැත.මේ ආකාරයේ Bull Candle එකක් Up Trend එකක දුටු විට ගතයුතු අදහස නම් Up Trend එක අවසන් වීමට බොහොවිට ඉඩ ඇති අතර Trend එක Reverse වීමට උත්සහ කරන බවයි.මේ ආකාරයේ Bear Candle එකක් Down trend එකක දුටු විට ගතයුතු අදහස නම් Down trend එක අවසන් වීමට බොහොවිට ඉඩ ඇති අතර Trend එක reverse වීමට උත්සහ කරන බවයි.

 

Marubozu

5

මෙය විශේෂ සහ ප්‍රබල Candle එකක්. එහි upper හෝ lower shadow(wick) එකක් දකින්නට නැහැ.මෙය Bullish candle එකක් නම් low price එක open price එකට සමාන වන අතර High price එක close price එකට සමාන වේ.මෙය Bullish Candle එකක් නම් අදාල කාලය(1,5,15,30 min etc) පුරාවටම Buyers ලා විසින් තම අනසක තබා ගෙන ඇති බව කියවෙයි.මේ මගින් තහවුරු කරන්නට උත්සහ කරන කාරනා 4 පිලිබදව සිතන්න.

1.මෙය Bull candle එකක් ලෙස ඔබ දකින්නේ Up trend එකක නම් තව දුරටත් Up trend continue වන බවට සාක්ෂියකි.
2.මෙය Bear Candle එකක් ලෙස ඔබ දකින්නේ Up trend එකක නම් Up trend එක අවසන් වී අලුත් Down trend එකක් ඇති කිරීමට උත්සහ කරයි
3.මෙය Bear candle එකක් ලෙස ඔබ දකින්නේ down trend එකක නම් තව දුරටත් down trend continue වන බවට සාක්ෂියකි
4.මෙය Bull candle එකක් ලෙස ඔබ දකින්නේ down trend එකක නම් down trend එක අවසන් වී අලුත් up trend එකක් ඇති කිරීමට උත්සහ කරයි

Doji Candle

6

ඉහලින් ඇති Candle එක හොදින් බලන්න.Open price සහ Close price එකිනෙකට සමාන ය. Real body එකක් නැති තරම්ය.Real body එක thin line එකක් ලෙස පෙනෙන්නට ඇත.Doji candle එකක් මගින් නිරූපනය කෙරෙන්නේ තව දුරටත් ගමන් කරන දිශාවේ අස්ථීර බවයි.මෙවැනි doji candle දුටු විට trade එකකට enter වීමෙන් වලකින්න.ඉහත රූපයේ ආකාරයට Doji candle වර්ග 4ක් Candle stick charts වල දකින්න පුලුවන්.

පහත රූපය බලන්න.strong bull candle එකකට පසු Doji candle එකක් ඇති වී තිබෙන ආකාරය දැක්වෙනවා.මෙයින් අදහස් කරන්නේ මොනවාද?Strong bull candle එක මගින් market එකේ වැඩි buyers ලා සිටිය බව පෙන්වුවත් ඊට පසු ඇති වූ doji candle එක මගින් කියන්නේ තව දුරටත් market එකේ buyers ලා නොසිටින බවයි.Trend තව දුරටත් continue වීමට අපහසුය.දිශාව අවිනිශ්චිතය.එම නිසා ඊලග Candle එක ඇදෙන තුරු බලා සිටින්න.

7

පහත රූපය බලන්න.Strong bear candle එකකට පසු Doji candle එකක් ඇති වී තිබෙන ආකාරය දැක්වෙනවා.මෙයින් අදහස් කරන්නේ මොනවාද?Strong bear candle එක මගින් market එකේ වැඩි Sellers ලා සිටිය බව පෙන්වුවත් ඊට පසු ඇති වූ Doji candle එක මගින් කියන්නේ තව දුරටත් market එකේ Sellers ලා නොසිටින බවයි.Trend තව දුරටත් continue වීමට අපහසුය.දිශාව අවිනිශ්චිතය.එම නිසා ඊලග candle එක ඇදෙන තුරු බලා සිටින්න.

8

වැදගත්.

Price Action Strategy එක ලොව පිලිගත් trading Strategy එකකි.මෙය ප්‍රගුන කිරීමෙන් ලබා ගත හැකි වාසි බොහෝය.ඉහතින් සදහන් කල සියලුම දේ ඔබගේ පුහුනු ගිනුමෙන් නිවැරදි දැයි තමන්ම අත්හදා බලන්න. සියලුම අත්හදා බැලීම් කල යුත්තේ Real Trading වලදි නොවන බව නැවතත් මතක් කරනවා.වෙනත් කෙනෙකු කියන නිසා නොව තමන්ට විශ්වාසය ඇති වනතුරු Real Trading නොකරන්න. Trade එකකට Enter වීමට සාදාරන සහ ප්‍රමානවත් අවස්ථාවක් එනතුරු ඉවසන්න.සැම විටම තර්කානුලෙස ගනුදෙනු සදහ යොමු වන්න.

 

END OF CANDLE STICK PART 1.
EXTRACTED FROM www.babypips.com