«

»

Sep 08

22.Candlestick Trading Part 3

Evening & Morning Stars
මෙම Pattern වර්ග දෙක Triple candlestick pattern ලෙස හැදින්වෙනවා.බොහෝවිට trend එකක් අවසානයේ දක්නට හැකි නිසා මෙයද trend reversal pattern එකකි.මුලින්ම Morning Star Pattern එකේ රූපය බලන්න.එහි පහත සදහන් අවශ්‍යතා සම්පූර්ණ කල යුතුයි.

1. පලමු candle එක මෙතෙක් පවත්වා ගෙන ආ down trend එකට අදාල bear candle එකකි.
2. දෙවන candle එක කුඩා real body එකක් ඇත.එයින් කියැවෙන්නේ මෙතෙක් පවත්වා ගෙන ආ trend එක තව දුරටත් යාමට අපහසු බව හෝ අස්ථීර බවයි.මෙය bull candle එකක් හෝ bear එකක් විය හැකිය.විශේෂත්වය කුඩා real body එකක් තිබීමය.
3. තෙවන candle එක පලමු candle එකට ප්‍රතිවිරුද්ධ වූ bull එකකි.වැදගත් විශේෂත්වය වන්නේ තුන්වන candle එකේ close point එකයි.හොදින් බලන්න, තුන්වන candle එක අවසන් වන්නේ පලමු candle එකේ mid point එක පසු කරමින්ය.තුන්වන candle එක පලමු candle එකේ මධ්‍යස්ථය පසු කර අවසන් වීමට තරම් වත් විශාල නොවේ නම් මෙය නිවැරදි නොවේ.මෙම කරුණු 3ම නිවැරදි නම් Buy Trade එකක් සදහා සුදුසුය.
13

Evening Star Pattern එකේ රූපය බලන්න.එහි පහත සදහන් අවශ්‍යතා සම්පූර්ණ කල යුතුයි.

1. පලමු candle එක මෙතෙක් පවත්වා ගෙන ආ up trend එකට අදාල bull candle එකකි.
2. දෙවන candle එක කුඩා real body එකක් ඇත.එයින් කියැවෙන්නේ මෙතෙක් පවත්වා ගෙන ආ trend එක තව දුරටත් යාමට අපහසු බව හෝ අස්ථීර බවයි.මෙය bull candle එකක් හෝ bear එකක් විය හැකිය.විශේෂත්වය කුඩා real body එකක් තිබීමය.
3. තෙවන candle එක පලමු candle එකට ප්‍රතිවිරුද්ධ වූ bear එකකි.වැදගත් විශේෂත්වය වන්නේ තුන්වන candle එකේ close point එකයි.හොදින් බලන්න, තුන්වන candle එක අවසන් වන්නේ පලමු candle එකේ mid point එක පසු කරමින්ය.තුන්වන candle එක පලමු candle එකේ මධ්‍යස්ථය පසු කර අවසන් වීමට තරම් වත් විශාල නොවේ නම් මෙය නිවැරදි නොවේ.මෙම කරුණු 3ම නිවැරදි නම් Sell Trade එකක් සදහා සුදුසුය.

 

Three White Soldiers & Black Crows

මෙම candlestick pattern දෙකත් Triple candlestick  වර්ගයට අදාලය.මෙය තරමක් දුරට අඩුවෙන් දකින්න ලැබෙන නමුත් ගොඩාක් powerful pattern එකක් ලෙසට පිලි ගන්නවා.
බලන්න Three white soldiers pattern.මෙය දකින්නට ලැබෙන්නේ දීර්ග කාලයක් එක දිගට පැවත ගෙන ආ down trend එකකට පසුව නම් මෙය ඉතා ප්‍රබල Bullish signal එකකි.

1. මෙම candle 3නෙන් පලමු candle එක reversal candle වශයෙන් හදුන්වනවා.එය bull candle එකකි.
2. මෙම pattern එක වලංගු වීමට එහි දෙවන candle එකද bull candle එකක් විය යුතු අතර එහි Real body එක පලමු candle real body එකට වඩා විශාල විය යුතුය.තවද දෙවන candle එකේ  shadow එක ඉතා කුඩා හෝ  shadow එකක් නොතිබිය යුතුය.
3. තෙවන candle එකද bull candle එකක් විය යුතු අතර එහි real body එක දෙවන candle එකේ real body එකට සමාන හෝ විශාල විය යුතුය.තවද තෙවන candle එකේ shadow එක ඉතා කුඩා හෝ shadow එකක් නොතිබිය යුතුය

මෙම කරුනු සියල්ල සම්පූර්න නම් එය හොද Bullish signal එකකි.

14

 බලන්න Three black crows pattern.මෙය දකින්නට ලැබෙන්නේ දීර්ග කාලයක් එක දිගට පැවත ගෙන ආ up trend එකකට පසුව නම් මෙය ඉතා ප්‍රබල Bearish signal එකකි.

1. මෙම candle 3නෙන් පලමු candle එක reversal candle වශයෙන් හදුන්වනවා.එය bear candle එකකි.
2. මෙම pattern එක වලංගු වීමට එහි දෙවන candle එකද bear candle එකක් විය යුතු අතර එහි Real body එක පලමු candle real body එකට වඩා විශාල විය යුතුය.තවද දෙවන candle එකේ  shadow එක ඉතා කුඩා හෝ  shadow එකක් නොතිබිය යුතුය.
3. තෙවන candle එකද bear candle එකක් විය යුතු අතර එහි real body එක දෙවන candle එකේ real body එකට සමාන හෝ විශාල විය යුතුය.තවද තෙවන candle එකේ shadow එක ඉතා කුඩා හෝ shadow එකක් නොතිබිය යුතුය

මෙම කරුනු සියල්ල සම්පූර්න නම් එය හොද Bearish signal එකකි.

Three Inside Up & Down

මෙම candlestick pattern දෙකත් Triple candlestick  වර්ගයට අදාලය. Trend reversal pattern එකකි.

බලන්න Three Inside Up Pattern එක.එය down trend එකක් අවසානයේ හමුවේ.Pattern එක තහවුරු කර ගැනීමට පහත කරනු සලකා බලන්න.
1. පලමු candle එක විශාල real body එකක් සහිත bear candle ඒකකි.
2. දෙවන candle එක bull candle එකක් විය යුතු අතර අවම වශයෙන් පලමු candle එකේ ප්‍රමානයෙන් අඩක්වත් විය යුතුය.
3. තෙවන candle එක bull candle එකක් ලෙස close විය යුත්තේ first candle එකේ high value එක පසු කරමින්ය.
මෙම කාරණා 3ම නිවැරදි නම් එය ප්‍රබල bullish signal එකකි.
15

බලන්න Three Inside down Pattern එක.එය up trend එකක් අවසානයේ හමුවේ.Pattern එක තහවුරු කර ගැනීමට පහත කරනු සලකා බලන්න.
1. පලමු candle එක විශාල real body එකක් සහිත bull candle ඒකකි.
2. දෙවන candle එක bear candle එකක් විය යුතු අතර අවම වශයෙන් පලමු candle එකේ ප්‍රමානයෙන් අඩක්වත් විය යුතුය.
3. තෙවන candle එක bear candle එකක් ලෙස close විය යුත්තේ first candle එකේ low value එක පසු කරමින්ය.
මෙම කාරණා 3ම නිවැරදි නම් එය ප්‍රබල bearish signal එකකි

 

END OF CANDLESTICK TRADING LESSONS.

EXTRACTED FROM www.babypips.com