«

»

Jan 15

6.ගණුදෙණු යෙදීම buy order/sell order/take profit/ stop loss

මුලින්ම දැනගන්න ඕනේ PIP(percentage in points) කියන්නේ මොකක්ද කියලා.Pips වෙනුවට points කියන එකත් සමහර බ්‍රෝකර්ස්ලා use කරනවා.PIP කියන්නේ එක් trade එකකදී අවම වටිනාකම් වෙනස් වීමයි.උදාහරනයක් ලෙස EUR/USD අගය 1.12530 සිට 1.12531 දක්වා වෙනස් වුයේ නම් එම වෙනස් වීම PIP එකකි.ඉහත උදාහරනයේ දශම ස්ථාන 5ක් තියන නමුත් වෙනත් broker කෙනෙක් මෙය දශම ස්ථාන 4කට සීමා කර තියනවා.උදාහරනයක් ලෙස EUR/USD අගය 1.1253 සිට 1.1254 දක්වා වෙනස් වුයේ නම් එම වෙනස් වීම PIP එකකි.මෙය තරමක් ගැටළුකාරි නිසා ඔබගේ ඉගැනීමේ පහසුව සදහා අප මින් ඉදිරියට 1 PIP = 10 POINTS ලෙස සදහන් කරමු.

Buy Order(trade) එකක් දමමු.

Buy Order එකක් දාන්නේ අපි මාර්කට් එක ඉහල යයි කියලා අනුමාන කරනවා නම් තමයි.EUR/USD currency pair එක ගත්තොත් එහි දැන් අගය 1.1250 යයි සිතමු.මෙම අගය වැඩි වීමට නම් EUR කියන currency එක strong විය යුතුයි.එහෙම නැතිනම් USD කරන්සි එක Weak විය යුතුයි.එම අවස්ථා දෙකෙන් කුමක් වුවත් EUR/USD අගය ඉහල යයි.එහෙනම් අපි BUY ORDER(TRADE) එකක් open කරන ආකාරය බලමු.

A. MT4 Window එකේ EUR/USD කියන currency එක උඩ right ක්ලික් කර “New Order” තෝරන්න.ඊට අමතරව අවශ්‍ය නම් window එකේ ඉහල ඇති “New Order” ක්ලික් කරන්නත් පුලුවන්.

17

B.පහත රූපයේ ඉලක්කම් වලින් නිරූපනය වන්නේ මොනවා දැයි බලමු.

18

1-නිවැරදි currency pair එක EUR/USD තෝරන්න.

2-VOLUME එක 1.00 තෝරන්න.නැතිනම් ටයිප් කරන්න.Volume 1.00 තොරන්නේ Demo ගිනුම නිසයි.Real Trading වලදි අයෝජනය මත මෙය වෙනස් කල යුතුයි.

3- Stop Loss මෙය අංක 7 දැක්වෙන අගයට වඩා pips 30 පමන (පොයින්ට්ස් 300) පහලින් set කරන්න.(උදා: 1.12843-0.00300 = 1.12543)

4- Take Profit මෙය අංක 7 දැක්වෙන අගයට වඩා pips 5 පමන (පොයින්ට්ස් 50) ඉහලින් set කරන්න.(උදා: 1.12843+0.00050 = 1.13243)

5-Market Execution තෝරන්න

6-Sell Trade එකේ අගය

7-Buy Trade එකේ අගය

8-ඔබ කරන්නේ Sell Trade නම් මෙය ක්ලික් කල යුතුයි

9-ඔබ කරන්නේ Buy Trade නම් මෙය ක්ලික් කල යුතුයි

අනතුරුව අංක 9 Buy by Market ක්ලික් කරන්න

C- ඔබ Trade එක click කල විට එය අදාල trade window එකේ පෙන්වයි.එහි අගය (+) වූ වහාම trade එක උඩ double ක්ලික් කරන්න.

D- දැන් කහ පැහැති close button එක ක්ලික් කරන්න.Close කරන්න මොහොතකට කලින් නැවත බලන්න අගය (+) ඇතිද කියා.

E- සම්පූර්ණ කරන ලද ගනුදෙනුව බලන්න “Account History” ක්ලික් කරන්න.

Sell Order(trade) එකක් දමමු.

Sell Order එකක් දාන්නේ අපි මාර්කට් එක පහල යයි කියලා අනුමාන කරනවා නම් තමයි.EUR/USD currency pair එක ගත්තොත් එහි දැන් අගය 1.1250 යයි සිතමු.මෙම අගය අඩු වීමට නම් EUR කියන currency එක weak විය යුතුයි.එහෙම නැතිනම් USD කරන්සි එක strong විය යුතුයි.එම අවස්ථා දෙකෙන් කුමක් වුවත් EUR/USD අගය පහල යයි.එහෙනම් අපි SELL ORDER(TRADE) එකක් open කරන ආකාරය බලමු.එම ක්‍රියාවලිය Buy trade open කරන ආකාරයට සමාන වන අතර වෙනස් වන්නේ stop loss(අංක 3) සැකසීම සහ take profit(අංක 4) සැකසීමයි.

3- Stop Loss මෙය අංක 6 දැක්වෙන අගයට වඩා pips 30 පමන (පොයින්ට්ස් 300) ඉහලින් set කරන්න.(උදා: 1.12843+0.00300 = 1.13143)

4- Take Profit මෙය අංක 6 දැක්වෙන අගයට වඩා pips 5 පමන (පොයින්ට්ස් 50) පහලින් set කරන්න.(උදා: 1.12843-0.00050 = 1.12793)

අනතුරුව අංක 8 Sell By Market ක්ලික් කරන්න

සැලකිය යුතුයි.
Buy හෝ Sell Trade open කරන අවස්ථාවේදීම Stop loss සහ Take Profit සැකසීම අවශ්‍ය නොවන අතර Trade එක දැමූ පසු එම Trade එක මත Right ක්ලික් කර Modify තෝරාගෙන අවශ්‍ය පරිදි Stop Loss සහ Take profit සකසා ගත හැකිය.

Take Profit සැකසීම
Take Profit සාදන්නේ ඔබ open කරන ලද ගනුදෙනුව ලාබ ලැබූ පසු ස්වයංක්‍රීයව close කර දීමටයි.දැන් ඔබට තියෙන්නේ ඉහත Buy සහ Sell trade දෙකේදී take Profit සැකසූ ආකරය පරික්ෂාකාරීව බැලීමයි.
වෙනස මොකක්ද?
Buy Trade එකේදී Take Profit සැකසීම ඔබ මිලදී ගන්නා අගයට වඩා ඉහලින් සකසා ඇත.Sell Trade එකේදී පහලින් සකසා ඇත.එයට හේතුව Buy Trade එකේදී ලාබ ලැබෙන්නේ Market value එක ඉහල ගියොත් නිසා ද Sell Trade එකේදී නම් පහල ගියොත් නිසාවෙනි.
Take Profit සෑදිය යුතු pips ප්‍රමානය අපි ඉදිරියේදී තර්කානුකූලව ඉගෙන ගනිමු.දැනට පුහුනු ගිනුම සදහා එය අවශ්‍ය නොවේ .

Stop Loss සැකසීම
Stop Loss සකසන්නේ ඔබ open කරන ලද Buy හෝ Sell Trade එක ඔබ අනුමාන කල දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කලහොත් ඔබට සිදුවන අලාබය අවම කිරීමටයි
Sell Trade එකේදී Stop loss සැකසීම ඔබ මිලදී ගන්නා අගයට වඩා ඉහලින් සකසා ඇත.Buy Trade එකේදී පහලින් සකසා ඇත.එයට හේතුව Sell Trade එකේදී අලාභ වෙන්නේ Market value එක ඉහල ගියොත් නිසා ද Buy Trade එකේදී නම් පහල ගියොත් නිසාවෙනි.
Stop Loss සකසන Pips ප්‍රමාණය අපි ඉදිරියේදී තර්කානුකූලව ඉගෙන ගනිමු.දැනට පුහුනු ගිනුම සදහා එය අවශ්‍ය නොවේ.