«

»

Apr 14

20.Limit & Stop Orders

Limit & Stop Orders
කලින් ලිපි අංක 6 දී කොහොමද buy/sell order එකක් open කරන්නේ කියලා කතා කලා මතක ඇති.මේ order අයිති වෙන්නේ instant market execution ගනයටයි.එනම් buy හෝ sell order දැමිමට සිදු වෙන්නේ market එකේ දැනට පවතින මිලටය.
එසේ නම් මොනවාද මේ limit & stop orders කියන්නේ.ප්‍රධාන වර්ග 4කි.මේවා අයත් වන්නේ pending orders ගනයටයි.

1.Buy limit

2.Sell limit

3.Buy stop

4.Sell stop

 

Buy Limit

උදාහරණයකට හිතන්න දැන් EUR/USD අගය 1.12345 කියලා.දැන් ඔයාට අදහසක් එනවා මේ අගය යම් තාක් දුරට(1.12000 පමන ) පහතට ගිහින් නැවත ඉහල යාමක් සිදු වෙයි කියලා.දැන් එහෙනම් EUR/USD අගය 1.12000 දී buy order එකක් දැමීමට එය අඩු වෙන තුරු බලා සිටිය යුතුද?නැහැ.අපි ඒ වෙලාවට කරන්නේ buy limit order එකක් place කිරීමයි.අවශ්‍ය නම් ඒ අවස්ථාවේදීම TP/SL set කිරීමට පුලුවන.

e.g.

EUR/USD now market value 1.12345

Buy limit 1.12000

TP 1.12500 /  SL 1.11500

 

Sell Limit

Buy limit order ආකාරයටම මෙයද pending order එකකි.දැන් EUR/USD අගය 1.12345 නම් sell limit දැමිය යුත්තේ 1.12345 ට වඩා වැඩි අගයකදීය.

e.g.

EUR/USD now market value 1.12345

Sell limit 1.12800

TP 1.12500 /  SL 1.13200

Buy Stop

උදාහරණයකට හිතන්න දැන් EUR/USD අගය 1.12345 කියලා.ඔබ විසින් කරන ලද technical analysis එකකදී අදහසක් ලැබෙනවා EUR/USD අගය යම් හෙයකින් 1.12650 අගය ඉක්මවා ගියහොත් එය තව දුරටත් ඉහල යාමට ඉඩ තිබෙනවා කියලා සිතන්න.එසේ නම් දැන් කල යුත්තේ buy stop order එකක් දැමීමයි.Buy stop order එකේ අගය දැන් market price එකට වඩා වැඩි අගයක් විය යුතුය.(buy limit order එකත් සමග සංසන්දන කර වෙනස වටහා ගන්න.)

EUR/USD now market value 1.12345

Buy stop 1.12650

TP 1.12900 /  SL 1.12300

Sell Stop

උදාහරණයකට හිතන්න දැන් EUR/USD අගය 1.12345 කියලා.EUR/USD අගය යම් හෙයකින් 1.12150 අගය ඉක්මවා පහල ගියහොත් එය තව දුරටත් පහල යාමට ඉඩ තිබෙනවා කියලා සිතනවා නම් කල යුත්තේ sell stop order එකක් දැමීමයි.Sell stop order එකේ අගය දැන් market price එකට වඩා අඩු අගයක් විය යුතුය.(sell limit order එකත් සමග සංසන්දන කර වෙනස වටහා ගන්න.)

EUR/USD now market value 1.12345

Sell stop 1.12150

TP 1.11600 /  SL 1.12500